ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහය ගැන මුළු ලොවම කතා වෙන වෙලාවක් මේ.
ලොවපුරා සිටින බලවතුන් , ක්රීඩකයින් , දේශපාලකයන් , නළු නිලියන් රාශියක් එම විවාහයට සහභාගී වුණා.
ආසියාවේ ධනවතුන් අතර ප්රමුඛ ස්ථානයක් ගන්නා මුකේෂ් අම්බානීගේ බාල පුතුගේ මේ විවාහයට ශ්රී ලංකාවෙන් දෙදෙනෙකුත් ආරාධනා ලැබ තිබුණා.
ඒ , නාමල් රාජපක්ෂ සහ ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්රීඩකයකු සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන යි.
Author: Lanka Hit News
Post Views: 101