Global Platform For All Sri Lankans

බදුල්ලේ එකම වේදිකාවකට ආ ශ්‍රීලනිප හා නව සන්ධාන ප්‍රබලයින්..

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ තෙවන ජන රැළිය අද(14) බදුල්ල විල්ස් පර්ක් ක්‍රිඩාංගනයේදී පැවැත්වුණා.

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව යටතේ විශල ජනතා සහභාගිත්වයකින් යුතුව ඇරඹි බදුල්ල ජන රැළිය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන අමාත්‍යවරුන් විසින් සංවිධානය කර තිබුණා.

ආර්ථිකය ශක්තිමත් කිරීම හා රට නිවැරදි දිශානතියකට ගෙන යා හැකි බලවේගය ශ්‍රිලනිපය ප්‍රමුඛ නව සන්ධානය බැවින් ප්‍රගතිශීලි ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන දිනෙන් දින සන්ධානය වටා ඒකරාශී වෙමින් සිටින බවත් ඉදිරියේදී දැවැන්තම සන්ධානය ගොඩ නඟන බවත් සන්ධාන නායකයින් මෙහිදී සන්දහ්න්න්කර සිටියා.

කෙසේ වෙතත්, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් ලන්සා, චාමර සම්පත් දසනායක, නලින් ප්‍රනාන්දු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම ජන රැලියට සහභාගි වී තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads