පෙන්සිල්වේනියාවේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි තැබීමකින් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තුවාල ලැබුවා. අමෙරිකානු එෆ්බීඅයි ආයතනය එය ඝාතන තැතක් ලෙසයි හඳුන්වා ඇත්තේ.
වෙඩි වැදුණු හිටපු ජනාධිපතිවරයා ඉක්මනින් වේදිකාවෙන් බැස ගිය නමුත්, දකුණු අත ඔසවා තම ආධාරකයින්ට සිනහවකින් සංග්‍රහ කිරීමට ද අමතක කළේ නැහැ.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් පසුව රෝහල්ගත කෙරුණු හිටපු ජනපති ට්‍රම්ප්, මේ වනවිට ප්‍රතිකාර ලබා නිවස වෙත පැමිණ ඇති බවයි සඳහන්.
එසේම සමාජ මාධ්‍යට සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, උණ්ඩයක් තම දකුණු කනේ “ඉහළ කොටස” සිදුරු කළ බවත් අමෙරිකානු රහස් සේවයට ස්තූති කරන බවත්ය.
තවද ,රහස් ඔත්තු සේවා නියෝජිතයන් විසින් තුවක්කුකරු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් FBI පැවසුවේ ඉදිරි පැය කිහිපය තුළ සැකකරුව නම් කරන බවයි.
වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් තිදෙනාම වැඩිහිටි පිරිමින් බව යි බලධාරීන් සඳහන් කළේ.