Global Platform For All Sri Lankans

ජනපතිවරණයට නාම යෝජනා මේ මස අගදී..

 

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම (ජුලි ) මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අනිද්දා (17) මැතිවරණ කොමිසමට ලැබෙන අතර, නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීම තුළින් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිත කරනු ලබන ඡන්ද හිමි නාමලේඛනය මැතිවරණ කොමිසම ඉදිරි දිනවලදී සහතික කරගනු ඇති අතර මෙම වසරේ පළමු කාර්තුවේදී යාවත්කාලීන කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව මිලියන 17 ක පිරිසක් එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads