සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් ඔහුගේ උපන්දිනය මහ මුහුදේ යාත්රාවක ඔහුගේ හිතවතුන් පිරිසක් සමඟ සමරා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම උපන්දින සැමරුම සිදුකර ඇත්තේ, සුරේන්ද්ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරෙනු දිනයේම බවයි සඳහන් වන්නේ.
මෙලෙස සමරා ඇත්තේ, කංජිපානි ඉම්රාන්ගේ 38 වැනි උපන්දිනය බවද ආරංචි මාර්ග සඳහන් කළා.
එසේම , පසුගිය දා ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සඳහා ඩුබායි රටේ සැඟව සිටින ලොකු පැටී නැමැත්තාට එම කොන්ත්රාත්තුව ලබා දී ඇත්තේ කංජිපානි ඉම්රාන් නැමැත්තා බවටයි පොලිසිය සැක ඵල කරන්නේ.
Author: Lanka Hit News
Post Views: 94