අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයට කඩා වැදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර, ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදු කළ ඝාතකයන් දෙදෙනා රටින් පලා යන්නට ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක ඵල කරනවා..
මොවුන් දකුණු මුහුදු තීරය ඔස්සේ ට්‍රෝලර් යාත්‍රාවකින් රටින් පලා යන්නට ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම කුලී ඝාතකයන් පලා ගිය බවට තොරතුරු ලැබුණු ස්ථාන කීපයක්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරීක්‍ෂාවට ලක්කළ ද , ඔවුන් පිළිබඳ කිසිඳු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර,
මෙම ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් දෙදෙනා ආරක්‍ෂක අංශයට සම්බන්ධ වී සිටි පුද්ගලයන් බවටයි පොලිසිය සඳහන් කරන්නේ.
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්, මේ වනවිට පොලිස් කණ්ඩායම් 10කට ආසන්න පිරිසක් විමර්ශන පවත්වනු ලබන අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අයුරින් සහාය වූ පුද්ගලයන් 07දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබෙනවා..
නමුත්, මෙතෙක් මෙම ප්‍රහාරයේ වෙඩික්කරුවන් දෙදෙනා හෝ එය සැලසුම් කළ පුද්ගලයන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැහැ..