ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජන ප්‍රසාදය හිමිවන පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව සියලු සමීක්ෂණවලින් තහවුරු වී ඇතැයි සමගි ජනබලවේගය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් කොළඹ ඊයේ (16) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
එසේම, එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ කියා සිටියේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව තර කළ යුතු බවයි.
තවද , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පාසල් මට්ටමේ සිට ඉගැන්වීම් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, සක්වළ වැඩසටහනේ 321 වැනි අදියර යටතේ මන්නාරම, දේවානම්පිටිය රෝමානු කතෝලික දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.
පාසල් දහදාස් අනු හයෙන්, සෑම පුස්තකාලයකටම අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාෂා තුනෙන්ම ලබාදෙන බවද විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා.