Global Platform For All Sri Lankans

“ඇය තමයි මගේ මුළු ජීවිතයම පාට කළේ..” කුමක් හෝ පිනකට, ආදරණීය බැඳීමක් ළඟ..

 

ඇය කාංචනා අනුරාධි.. ලෝකේ වටේ සතුටෙන් විනෝදයෙන් ඇවිදගෙන යන්න කාංචනා ගොඩක් ආස කරනවා..

ඉතින්, ඇය ට දැන් විදෙස් සංචාරවලට එකතු වෙන්න වැඩි වැඩියෙන් අවස්ථාව ලැබෙනවා කිව්වොත් හරි… පසුගිය දවසකත් කාංචනාට ඒ වගේ විශේෂ අවස්ථාවක් එක්ක එකතු වෙන්න ලැබිලා.

ඉතින්, මේ විදෙස් සංචාරයේදී නම් ඇයත් එක්ක කාලය ගත කරන්න ඇයට ගොඩක් හුරුපුරුදු කෙනෙක් මුණගැසිලා… සහෝදර බැඳීම කියන්නේ හරි අමුතු දෙයක්.. ඉතින් ඇයට මේ මුණ ගැසිලා තියෙන්නේ ඇගේම අක්කා..

ඒ ආදරණීය බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද කිව්වෙත්, කාංචනා ඇය වෙනුවෙන් ගීත නිර්මාණ පවා කරලා තියනවා..

“මේ සසර ගමනේ කුමක් හෝ පිනකට,මම ඉපදුනා ආදරේ කරුණාව පිරිච්ච පුංචි ගෙදරක, සාමාන්‍ය පවුලක, බඩපිස්සි විදියට. මං මේ ලෝකෙ සුන්දරත්වය දැක්කෙ මගෙ අම්මගෙන් තාත්තගෙන් සහ මගෙ අක්කාගෙන්. මගේ අක්කා,ඇය තමයි මට නැකතටත් කලින්ම බත් කැව්වෙ,අකුරු කියෙව්වෙ. ඇය තමයි මගේ මුළු ජීවිතයම පාට කලේ…”

මේ ඇය ඒ වගේ ගීතයක් එක්ක තබපු තවත් ලස්සන සටහනක්..

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads