මේ දිනවල ළමයින් අතර උණ සහ කැස්ස මෙන්ම සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයේ වැඩිවිමක් ඇති බවද , ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක්ද දක්නට ඇති බව ද කොලඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, ශීත රටවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණයක් ලබා දෙන බවත් මෙය අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, ගර්භණී මාතාවන්, ශ්වසන රෝග නිදන්ගතව පවතින පුද්ගලයන් සහ ප්‍රතිශක්තීකරණය අඩු අයට තරමක් භයානක විය හැකි බවයි.
එමෙන්ම මෙම වයස් කාණ්ඩයන් හී අයවලුන් සඳහා මෙය පැතිරුණ හොත් එය භයානක විය හැකි බවත් නියුමෝනියා තත්ත්වයක් දක්වා එය වර්ධනය වීම මෙන්ම දැඩි සත්කාර ඒකක උවමනා විය හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වළක්වා ගැනීමට රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණයක් පැළඳිමද රෝග ලක්ෂණ පහළවී ඇති දරුවන් පෙර පාසලට, දිවා සුරැකුම් මධ්‍යස්ථානයන් සඳහා නොයවන ලෙසත්, එසේ වුවහොත් මෙය ලේසියෙන් තවත් අයෙකුට බෝ වීම වලක්වා ගත හැකිවෙන බවද සඳහන්.