පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් එම දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මැදිහත් වී ව්‍යාපාරිකයෙකුට ලබා දීම සම්බන්ධයෙන් , උරණ වූ එම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් එක්ව අද (17) විරෝධතාවක නිරත වී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ මෙම ඉඩම කිසිඳු අයුරකින් පෞද්ගලික පරිහරණය සඳහා ලබා නොදෙන බවටත් මේ සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් සිදුකරන බවත් පැවසු පසුව , විරෝධතාවේ නිරතව සිටි ප්‍රදේශවාසීන්ගේ පිරිස විසිර ගිය බවයි සඳහන් වන්නේ.
Author: Lanka Hit News
Post Views: 66