Global Platform For All Sri Lankans

ඡන්දය දාන්න අයිතිය සිරකරුවන්ටත් ඉල්ලයි ?

 

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණවලදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන්ට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දීමට පියවර ගන්නා ලෙස අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අදාළ ආයතන වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

හිටපු රිමාන්ඩ් සිරකරුවකු වන සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර,

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු නව දෙනකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකු අධිකරණයක් මගින් වරදකරු කරන තුරු ඔහුට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය හිමිවන බවත් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සියල්ල භුක්ති විඳීමට අවස්ථාව සැලසෙන බවයි.

එබැවින් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවලදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වමින් මාර්ගෝපදේශ මාලාවක් අදාළ ආයතන වෙත නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads