Global Platform For All Sri Lankans

ක්ලබ් වසන්ත ගැන හුවමාරු වෙන වීඩියෝවලට වඩා වෙනස්ම විදිහේ හෙළිදරව්වක්..

 

කංජිපානි ඉම්රාන් සහ ගණේමුල්ලේ සංජීව නීතියෙන් බේරුණු හැටි ඔවුන්ගේ නීතිඥවරුන් හොඳින්ම දන්නා බව ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ කුඩු සල්ලිවලින් යැපෙන නීතිඥවරුන් පිරිසක් සිටින බවයි.

සියලු නීතිඥවරුන් එසේ නොවන බවද සමහරු මිලියන ගණන් මුදල් ලබා දුන්නද කුඩු නඩු සඳහා ඉදිරිපත් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”කංජිපානි ඉම්රාන් සහ ගණේමුල්ලේ සංජීව නීතිඥවරු තමයි ඒගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන්ම අරන් ගිහිල්ලා පැන්නුවේ. දැන් දැන් ඒගොල්ලන්ව අපි අත්අඩංගුවට ගත්තහම ඒගොල්ලන්ගේ කතාව හොඳට කියනවා. ඒගොල්ලන්ව කොහොමද බාගයක් දුර ගෙනිහිල්ලා තව කාටදෝ භාරදුන්නා ඒගොල්ලන් ගෙනිහිල්ලා බෝට්ටුවට දැම්මා. ඔක්කොම ලස්සනට කියනවා. ඉතින් ඒකයි මං කියන්නේ මේ කුඩු සල්ලිවලින් යැපෙන මේ නීතිඥවරු ටිකක් ඉන්නවා. ඒගොල්ලන් තමයි. ඉතින් අවාසනාවට අපි ඔහොම කිව්වහම සමහරවිට මේක ඔක්කෝම නීතිඥ මහත්වරුන්ට වැදෙනවා. එහෙම වෙන්ඩ ඕන්නෑ. ඒ මොකෝ ඉතාම සුළුම සුළු පිරිසක් තමයි මේ දේ කරන්නේ. අනිත් නීතිඥ මහත්වරු ඉන්නවා කුඩු නඩුවක් ආවොත් භාරගන්නෑ. කොච්චරක් ගෙවන්න හැදුවත් බාර ගන්නැති උදවිය ඉන්නවා. ඉතින් එහෙම නීතිඥ මහත්වරුත් ඉන්නවා. රටටම මේ බණ දෙසන පිරිසකුත් ඉන්නවා. ලොකු ලෝයර්ස්ලා හතර පස් දෙනෙක්. රට හදන්න හදන අය. බණ කිය කිය, රට හදන්න හදන අය තමයි ඔය ඔය වැඩවල ඉන්නේ”

එමෙන්ම අතුරුගිරියේදී වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට ඔහු රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ, අද බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

මියගිය ක්ලබ් වසන්ත නැමැත්තා සුඛෝපභෝගී ජීවිත ගත කරන වීඩියෝ පට විවිධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවද, ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වී රටටම ණය වී ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් නවතම තීරණය

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads