දරුණු අපස්මාර රෝගී තත්ත්වයෙන් පෙළෙන පිරිමි දරුවෙකුගේ හිසට නව උපකරණයක් සවිකර එම රෝගී තත්ත්වය පාලනය කිරීමේ අත්හදා බැලීමක් එංගලන්තයේ සිදුකර තිබෙනවා.
Oran Knowlson’s නම් 13 හැවිරිදි මෙම දරුවා මෙම අත්හදා බැලීම සිදුකළ පළමු රෝගියා බවට පත්ව තිබීම විශේෂත්වයක්.
“Lennox-Gastaut syndrome” නම් ප්‍රතිකාර-ප්‍රතිරෝධී අපස්මාර රෝගයෙන් එම දරුවා පෙළුණු අතර, ඔහුට වයස අවුරුදු තුනේදී පමණ එම රෝගය පළමුව වැළඳී තිබුණු බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, පසුව ඔහු මෙම සැත්කමට මුහුණ දී තිබුණේ 2023 දී ය.
සැත්කමින් සවිකළ Neurostimulator නම් එම උපකරණය මගින් රෝගියාගේ මොළය අභ්‍යන්තරයට විද්‍යුත් පණිවුඩ යැවිය හැකි බවත්, එමගින් රෝගියා අසනීප වන වාර ගණන දහවල් කාලයේදී 80%ක් පමණ අඩු කළ හැකි බවත් වෛද්‍යවරු සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මෙම සැත්කමින් පසුව සිය දරුවාගේ ජීවිතය වඩා යහපත් වී ඇති බව, Oran ගේ මව වූ Justine ද විදෙස් මාධ්‍යයට සඳහන් කර තිබුණා.