ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අද (19) උදෑසන විශාල තදබදයක් ඇති වී තිබෙනවා..
ඒ, පෙර ලියාපදිංචි නොවී ආගමන විගමන දෙපාර්තමේන්තුවට පුද්ගලයින් පැමිණීම හේතුවෙන් බවයි සඳහන්.
කෙසේ වෙතත්, බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මීට පෙර පියවර ගෙන තිබුණා..
ඒ අනුව, ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී තිබුණා..
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එහිදී පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රම වේදයකට අනුව ලබාදීම සිදුවන බවයි..
Author: Lanka Hit News
Post Views: 41