Global Platform For All Sri Lankans

Lanka Hit News

22 ගැසට් කළ ද , ජනාධිපතිවරණයට බාධාවක් නැහැ – මැ . කො

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ගැසට් කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයාගේ නියෝගයෙන් බවයි සඳහන් වෙන්නේ.

එසේම, 22 වැනි අණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළ ද ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

කෙසේ වෙතත්, මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙනුයි.

මෙලෙස අද (19) එම ගැසට්ටුව ජනපති නියමයෙන් පළ කෙරුණේ, එය ගැසට් කිරීමෙන් වළකින බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (18) නිවේදනය කළ පසුබිමකයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads