තරුණ වයසේ පසුවන පිරිස අතර, ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.
ඉකුත් වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන තරුණ වයසේ 40ක් පමණ හඳුනා ගැනීමට හැකිව තිබෙනවා.
කෙසේ හෝ , අවුරුදු 15ත් 24ත් අතර වයස්වල නව යොවුන් වියේ පසුවන පිරිස අතර, ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ ප්රවනතාවක් පවතින බවයි සඳහන් වන්නේ.
මේ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයද සඳහන් කර තිබුණා.
එසේම, එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන වැඩිහිටි පුද්ගලයින් 3,169ක් වාර්තාවී තිබෙන බවද සඳහන්.
2022 වසර වන විට මෙම රෝගය සහිත පිරිස 607ක් බවට වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 2023 වසර අවසානයේ 694ක් ලෙසයි සඳහන්ව තිබුණේ.
මේ අතර, මෙම පිරිසෙන් පුද්ගලයින් 613ක් පිරිමි අය බවයි සඳහන් වන්නේ.
Author: Lanka Hit News
Post Views: 32