දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (20) හැටන් දුම්රිය ස්ථාන භුමියේ පැවති හමුවකට එක්වෙමින්.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ,
“මීට පස්සේ දුම්රිය වර්ජන නැ. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙන්නේ. දුම්රිය ක්ෂේත්රය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනවා නම් එය සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතුව ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් වර්ජනය කළහොත් රැකියාව අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරනවා. රටේ නිතියට අපි සියළු දෙනා ගරු කරන්න අවශ්‍යයි, එහෙම නැතුව රාජ්‍ය සේවය කරන්න බෑ”
Author: Lanka Hit News
Post Views: 36