Kimberly Cheatle මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට පසුගිය ජූලි 13 වැනිදා ගත් උත්සාහය වැළැක්වීමට අමෙරිකානු බුද්ධි සේවා අසමත්වූ බවට ඇයට එල්ල වී තිබූ චෝදනා පදනම් කර ගනිමින් බවයි සඳහන් වන්නේ.
අදාළ කරුණ සම්බන්ධයෙන් ඇය පසුගියදා අමෙරිකානු කොංග්‍රසය හමුවේ, සාක්ෂි ලබාදුන් අතර එහිදී නීති සම්පාදකයින් යොමුකළ ප්‍රශ්න හමුවේ ඇය නිරුත්තර වූ බවද මාධ්‍ය වාර්තා කර තිබුණා.
රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ නීති සම්පාදකයින් එහිදී අවධාරණය කළේ, ඇය වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
ඒ අනුව, Kimberly Cheatle ඉල්ලා අස්වූ අතර, එම ලිපිය ලබාදෙමින් ඇය වැඩිදුරටත් දන්වා සිටියේ, ආරක්ෂාවේ පැවති සිදුරු සම්බන්ධයෙන් වගකීම භාරගෙන තමන් ඉල්ලා අස්වන බවයි.
Author: Lanka Hit News
Post Views: 19