Global Platform For All Sri Lankans

ජනපතිවරණය සැප්තැම්බර් 21, ඇප මුදල් තැම්පත් කිරීම අද සිට අගෝස්තු 15 දක්වා..

 

2024 වසරේ ජනපතිවරණයට අදාළව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව, නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වන විට නිකුත්කර තිබෙනවා.

ඒ අනුව, ජනපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කර සිටින්නේ.

එමෙන්ම නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වැනිදා සිදුකිරීමට නියමිත බව ද සඳහන්.

එසේම, ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයද මැතිවරණ කොමිසම මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, අද සිට ලබන මස 14 වනදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර අනෙකුත් දිනවල උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි එහි දැක්වෙන්නේ.

අගෝස්තු 14 වනදා පමණක් මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි.

අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ රුපියල් 50000.00 මුදලක් ඇප ලෙස තැන්පත් කළ යුතු වන අතර,

අදාළ අපේක්ෂකයා වෙනත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් හෝ නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 75,000ක් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

1
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads