ප්‍රංශයේ පැරිස් නුවරදි 2024 ඔලිම්පික් උළෙල අද (26) නිල වශයෙන් ආරම්භ වුවද, පාපන්දු සහ සත් සාමාජික රග්බි තරග ඉසව්වල මූලික වටයේ තරග කිහිපයක් පසුගිය (24) දිනයේ ආරම්භ කෙරුණා.
ඒ අනුව, ආජන්ටිනා කණ්ඩායමට එරෙහි පැවති තරගය මොරොක්කෝ කණ්ඩායම ගෝල දෙකට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
එමෙන්ම, උස්බෙකිස්ථානය ගෝල දෙකට එකක් ලෙස පරාජයට පත් කිරිමට ස්පාඤ්ඤය සමත් වු අතර, ජපානය හමුවේ පැරගුවේ පාපන්දු කණ්ඩායම පරාජයට පත්වුනේ ගෝල පහට බිංදුවක් ලෙසින්.
මේ අතර, පසුගියදා පැවති රග්බි මුලික වටයේ තරගවල දී කෙන්යාවට එරෙහිව ලකුණු 31ට 12ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ආජන්ටිනාව සමත් වූ අතර, පසුව ඔවුන් සැමෝවා දේශයට එරෙහිව ද ජයග්‍රහණයක් ලබා ගත්තා.
ඊයේ , දිනයේදි ද ඔලිම්පික් උළෙලේ මුලික වටයේ තරග පැවත්වෙන අතර, ඒ අනුව ප්‍රංශය පාපන්දු කණ්ඩායම ගෝල තුනට බිංදුවක් ලෙස අමරිකාව පරාජය කළා.
දකුණු අප්‍රිකාවට එරෙහි මුලිකවටයේ පැවති රග්බි තරගයේදි ලකුණු 17ට 05ක් ලෙස ජය වාර්තා කිරිමට නවසීලන්ත රග්බි කණ්ඩායම සමත් වුණා.
ප්‍රංශයේ පැරිස් නුවරදි 2024 ඔලිම්පික් උළෙල හෙට නිල වශයෙන් ආරම්භ වන අතර, ඊට සහභාගි වන ශ්‍රී ලංකා මළළ ක්‍රිඩා කණ්ඩායම පසුගියදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.