2024 ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත්, අද (31) පස්වරුවේ රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසිනුත් එය ප්රකාශ කිරීම කල් දමනු ලැබුවා.
එසේම, පසුගිය 29වැනිදා රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි.
දැනට පොදුජන පෙරමුණ දැනුම් දී තිබෙන්නේ තම අපේක්ෂකයා ඉදිරි සතියේ දී ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
Author: Lanka Hit News
Post Views: 45