Global Platform For All Sri Lankans

Lanka Hit News

අරගලෙන් ආ නායකයාගේ ප්‍රතිපත්ති..

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන වෙනුවට සාධාරණ විකල්ප ක්‍රමවේදයක් සඳහා ණය දුන් පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට තම රජයක් යටතේ අපේක්ෂා කරන බව ජන අරගල සන්ධානය පවසනවා.

එම සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (31) එළිදැක්වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළා.

ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ විසින්.

” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කප්පාදු වැඩසටහනස වෙනුවට සාධාරණ ණය ප්‍රතිව්‍යූහගතකරණයක් සඳහා ණය දුන් පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම, ණය පිළිබඳ විගණනයක් සිදුකර, ණය මුදල් වංචාකළ හා නාස්ති කළ මෙන්ම අවභාවිත කළ අයගෙන් ඒවා අයකර ගැනීමට පියවර ගැනීම එම ප්‍රතිපත්තිවලට ඇතුළත්.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩසටහන අත්හිටුවීමට කටයුතු කරන බවද ජන අරගල සන්ධානය පවසනවා.

පොදු ප්‍රවාහනයට අඩු මිල ඉන්ධන කෝටාවක් ලබාදීම, ගොවීන් ධීවරයින් ඇතුළු සුළු නිෂ්පාදකයින්ට බලශක්ති කෝටාවක් අඩු මිලකට ලබාදීම, සියලු ක්ෂේත්‍රවල අවම වැටුප 16.000 සිට 57.500 දක්වා ඉහළ නැංවීම, ඒකක 30ට අඩුවෙන් විදුලිය භාවිත කරන පවුල් සඳහා නොමිලේ විදුලිය ලබාදීම ඇතුළු කරුණු රැසක්ද එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙනවා.

13න් එහා ගිය බලයක් සහිත ස්වයං පාලන ක්‍රමයක් ඇති කිරීම, විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම, නව ජනතාවාදි නීති පද්ධතිවක් ස්ථාපනය කිරීම, ජනතා අධිකරණ ද පිහිටුවීම, මරණීය දණ්ඩනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමද ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත්. ”

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads