පසුගියදා විවාහපත් වූ ආනන්ද් අම්බානි සහ රාධිකා මර්චන්ට් 2024 පැරිස් ඔලිම්පික් තරග නැරඹීම සඳහා සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම රිලයන්ස් පදනමේ සභාපතිනීවන නීටා අම්බානි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සාමාජිකාවක් නිසා ඇය ද මේ සඳහා සහභාගී වී තිබෙනවා.
එමෙන්ම ඔවුන් සමග මුකේෂ් අම්බානි, ඊෂා අම්බානි සහ ආනන්ද් පිරමාල් ද සහභාගී වී තිබෙන බව දක්නට ලැබුණා.
විවාහයෙන් පසු ආනන්ද් අම්බානි සහ රාධිකා මර්චන්ට් ප්‍රසිද්ධියේ දැකගත හැකිවූ පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැරිස් ඔලිම්පික් උළෙල මේ වනවිට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගෙන ඇති නමුත්, අම්බානි පවුලේ පැමිණීම එහිදී විශේෂයෙන් කැපී පෙනී තිබෙනවා.
Post Views: 61