Global Platform For All Sri Lankans

තරුණ තරුණියන්ට ලබන වසරේ සිට රැකියා..

 

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ , යාපනය වාලම්පූරි හෝටලයේ අද (02) පැවති තරුණ හමුවට එක් වෙමින්.

රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදා කරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමග නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බවද කියා සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

” 21, ගැටුම්කාරී වාතාවරණයක් ? “දේශප්‍රේමී ජන බලවේගයෙන් විශේෂ ඉල්ලීමක්..

ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 දිනට ප්‍රථම හෝ පසුව ශ්‍රී ලංකාවේ ගැටුම්කාරී වාතාවරණයක් උද්ගතවිය හැකි බව සඳහන් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads