Global Platform For All Sri Lankans

Lanka Hit News

නතර වූ ඔන්ලයින් වීසා ක්‍රමවේදයට, හෙට ලැබෙන විසඳුම…

 

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් හෙට (05) තීරණය කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව, අගෝස්තු මස 2 වැනිදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා නිකුත් කිරිමේ කටයුතු අත්හිටුවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා.

අදාළ වෙබ් අඩවිය තාවකාලිකව අත්හිටුවා ඇති අතර වීසා ලබාගැනීමට මුදල් ගෙවීම් සිදුකළ පුද්ගලයින්ට යළි අදාළ මුදල් ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නිසි පරිදි බෙහෙත් ගෙන්නන්න වැඩපිළිවෙළක්..

සැපයුම්කරුවන් නොමැති හා සැපයුමේ දුර්වලතා පවතින ඖෂධ වර්ග නිසි පරිදි ආනයනය කිරීම සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads