ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කළ කමිටුව සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සියලු අපේක්ෂකයින් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කමිටුව විසින් සැලසුම් කර ඇති බව යි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක සඳහන් කළේ.
මේ අතර පොලිස්පතිධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව හේතුවෙන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයාගේ සියලු බලතල මහජන ආරක්ෂක අමාත්‍යංශය ලේකම් වියානි ගුණතිලක වෙත පවරා තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා විසින් ඒ පිළිබඳව ලිඛිතව මැතිවරණ කොමිසමට ද දැනුම් දී තිබෙනු ඇති.
ජනපති අපේක්ෂකයින්ට, විශේෂ ආරක්ෂාවක්..