එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා, ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා.
ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කර ඇති බව සඳහන්.
ගෙන්ගෙට යාම්, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, කුඩා ජන හමු මෙන්ම, ඩිජිටල් තාක්ෂණය උපයෝග කර ගනිමින් සිදු කරන මැතිවරණ මෙහෙයුම් කටයුතු ඒකාබද්ධව සිදු කිරීමට මෙහිදී සියලු පක්ෂ වලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක්ද පත් කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 45