ආණ්ඩු විරෝධී විරෝධතා සමයේ තම නිවසට ගිනි තැබීමට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසේ ක්‍රියා කලාපය බව එස්.එම් චන්ද්‍රසේන පවසනවා.
එමෙන් ම, අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ මරණයට ද ඔවුන් වගකිව යුතු බවයි, හෙතෙම අවධාරණය කළේ.
2005 වසරේ දී මහින්ද රාජපක්ෂ ට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙසට ප්‍රථමයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ට යෝජනා කළේ තමන් බව ද එස්.එම් චන්ද්‍රසේන මෙහිදී සඳහන් කළා.
කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ ඉතිහාසය නොදන්නා බව කියා යි, ඔහු චෝදනා කරන්නේ.
Author: Lanka Hit News
Post Views: 55