ජනාධිපතිවරණය ප්‍රකාශ කර ඇති කාලයක ඇතැම් දේශපාලකයින් විසින් ඔවුන් බලයට පත් වූ පසු ඔවුන්ගේ විරුද්ධවාදීන් සමඟ පෙළ ගැසී සිටින මාධ්‍ය නාලිකාවල පැවැත්ම අවසන්වනු ඇතැයි මෑතක දී කරන ලද ප්‍රකාශයන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය දැඩි ලෙස හෙළා දකිනවා.
නිවේදනයක් නිකුත් කරමින්, එම සංගමය පවසන්නේ, විවිධ මාධ්‍ය ආයතනවලට එරෙහිව දේශපාලනඥයින් කිහිප දෙනෙකු විසින් කරන ලද පදනම් විරහිත චෝදනා, සාක්ෂි නොමැතිව පක්ෂග්රාහී බවට චෝදනා කරමින්, එමඟින් ඔවුන්ගේ කීර්ති නාමයට කැළලක් සහ ඔවුන්ගේ ස්වාධීනත්වය හෑල්ලු කිරීමද හෙළා දකින බවයි.
මෙම ප්‍රකාශයන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති නිදහස් මාධ්‍යයට සහ ප්රකාශනයේ නිදහසට ඇති මූලික අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කරන බව ද එම සංගමය සඳහන් කරනවා.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය එම නිවේදනයේ මෙසේද සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තිය මගින් “සෑම පුද්ගලයෙකුටම සිතීමේ නිදහසට හිමිකම් ඇත” යන්න සහතික කරනවා.
14 (1) (අ) වගන්තිය තවදුරටත් “ප්රකාශනය ඇතුළුව භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස” තහවුරු කරන අතර 14 (1) (ග්) වගන්තිය “ඕනෑම නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, වෙළඳාමක, ව්‍යාපාරයක හෝ ව්‍යවසායයක නිරත වීමේ නිදහස සහතික කරයි” මෙම ව්‍යවස්ථාමය විධිවිධාන සැලසුම් කර ඇත්තේ පළිගැනීම් හෝ වාරනයකට බියෙන් තොරව නිදහසේ තොරතුරු බෙදා හැරීමට, අදහස් ප්‍රකාශ කිරීමට සහ මාධ්‍ය ක්‍රියාකාරකම්වල යෙදීමට පුද්ගලයන්ට සහ ආයතනවලට ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහායි.
මාධ්‍ය නිදහසේ වැදගත්කම අවධාරණය කරන ජාත්‍යන්තර මානව හිමිකම් ලේඛන කිහිපයකට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය (UDHR), සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සහ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICESR) මේ සම්බන්ධයෙන් ප්‍රධාන වෙනවා.
ශ්‍රී ලංකාව අනුමත කර ඇති ICCPR හි 19 වැනි වගන්තිය පවසන්නේ, “සෑම කෙනෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති බවයි.
එමෙන්ම දේශසීමා නොතකා, ලිඛිතව හෝ මුද්‍රණයෙන්, කලා ස්වරූපයෙන් හෝ කැමති වෙනත් මාධ්‍යයක් හරහා වාචිකව, සියලු වර්ගවල තොරතුරු සහ අදහස් සෙවීමට, ලබා ගැනීමට සහ බෙදා හැරීමේ නිදහස මෙම අයිතියට ඇතුළත්වන බවයි.
මාධ්‍ය නිදහස ඕනෑම ප්රජාතන්ත්රවාදී සමාජයක මුල්ගලක්වන අතර, එය බලය පිළිබඳ වගවීමක් ලෙස ක්‍රියා කරයි, විනිවිදභාවය ප්‍රවර්ධනය කරයි, සහ ඔවුන්ගේ නායකයින්ගේ ක්‍රියා සහ ප්‍රතිපත්ති පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහතික කිරීම මෙන්ම ප්රජාතන්ත්රවාදයේ ක්‍රියාකාරීත්වය සඳහා නිදහස් සහ ස්වාධීන මාධ්‍යයක් අත්‍යවශ්‍යවන අතර, එය දැනුවත් පුරවැසි සහභාගීත්වයට පහසුකම් සැලසීම, මහජන විවාදය පෝෂණය කිරීම සහ රාජ්‍ය නිලධාරීන් වගවීමකට ලක් කරන බව සඳහන්.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ, දූෂණ හෙළිදරව් කිරීම, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ විවිධ හඬවල් සඳහා වේදිකාවක් සැපයීම සඳහා මාධ්‍ය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති අතර, ඓතිහාසික වශයෙන්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සලකා බැලීමේදී මාධ්‍යවේදීන්ට එරෙහි වාරන, බිය ගැන්වීම් සහ ප්රචණ්ඩත්වය ඇතුළු අභියෝග රාශියකට මුහුණ දී තිබෙන බව ද සඳහන්.
1948 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද UDHR හි සෑම කෙනෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී ඇති බවත්, මෙම අයිතියට බාධාවකින් තොරව ඕනෑම මාධ්‍යයක් හරහා දේශසීමා නොතකා අදහස් දැරීමට සහ තොරතුරු සහ අදහස් සෙවීමට, ලබා ගැනීමට සහ බෙදා හැරීමට ඇති නිදහස ඇතුළත් බවත්, ඔවුන් සඳහන් කරනවා.
මාධ්‍යයට නිදහසේ සහ ස්වාධීනව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බවත්, මාධ්‍ය ආයතන නිශ්ශබ්ද කිරීමට හෝ බිය ගැන්වීමට ගන්නා ඕනෑම උත්සාහයක් ජාතියේ ප්රජාතන්ත්රවාදී ව්‍යුහයට වල කැපීමට හේතු වන අතර ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා වන ජාතික හා ජාත්‍යන්තර කැපවීම් උල්ලංඝනය කරන බවත් සඳහන්.
මෙම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගරු කරන බවට මාධ්‍ය ප්‍රජාවට සහ මහජනතාවට සහතික කිරීමට රජය වහාම පියවර ගත යුතු බවයි ඔවුන් පවසන්නේ.