දකුණු අප්‍රිකාවේ රූ රැජින කිරුළ , Mia le Roux නම් බිහිරි තරුණියක් හිමි කරගෙන තිබෙනවා.
එම කිරුළ හිමිකරගත් පළමු බිහිරි තරුණිය ලෙස මියා වාර්තා පොතට එක්වනු ඇති.
දැනට 28 හැවිරිදි වියේ පසුවන මියා, ශ්‍රවණ දුර්වලතාවයකින් පෙළෙන බව හඳුනාගෙන තිබුණේ ඇයට වයස අවුරුද්දක් පමණ වන විටදී බවයි සඳහන්.
එතැන් පටන් ඇයට ශබ්දය හඳුනා ගැනීම පහසු කිරීම සඳහා, ශ්‍රවණ උපකරණයක් සවිකර ඇති බව ද විදෙස් මාධ්‍යය සඳහන් කරනවා.
එසේම, ඇය සිය කථන හැකියාව ඇතිකර ගෙන තිබෙන්නේ ද , වසර දෙකක් පමණ වෙහෙසීමෙන් පසු බවයි සඳහන් වන්නේ.
Author: Lanka Hit News
Post Views: 44