Global Platform For All Sri Lankans

වැඩිවෙන වැටුපට සාකච්ඡා අද ?

 

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700 ක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පඩිපාලක සභාව අද (12) කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

මනූෂ නානායක්කාර දැරූ කම්කරු අමාත්‍ය ධුරය අහෝසි වීමෙන් අනතුරුව එම අමාත්‍යාංශයේ වගකීම් ජනාධිපතිවරයා යටතට පැවරුණු අතර, ඒ අනුව කම්කරු අමාත්‍යවරයා ලෙස අදාළ පියවර ගත් බවයි ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ.

වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් පඩිපාලක සභාව සමඟ එකඟතාවකට එළඹීමට උත්සහ කරන බවත්, එම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට සූදානම් බවත්, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් නවතම තීරණය

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads