2024 ජනාධිපතිවරණය සඳහා 39 ක් නාමයෝජනා භාර දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නාම යෝජනා භාරදීම අද (15) පෙරවරු 9 ට ආරම්භ වු අතර , එය පෙරවරු 11 දක්වා කාලය තුළ සිදු කරනු ලැබුවා.
ඉන් අනතුරුව , නාම යෝජනා භාරදීමේ කාලය අවසන් වී , ඉන් පසු පෙරවරු 11.30 දක්වා කාලය තුල විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙනු ලැබුවා.
එසේම , ඒ අතරතුර සහාපතිවරයා විසින්, කොමිසමේ ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූ අතර, ඉන් අනතුරුව විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලයද අවසන් බව සභාවට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව ,විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව, ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණා.
ඒ අනුව, අපේක්ෂකයින් 39 දෙනෙකු මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇති.
රනිල් වික්‍රමසිංහ
සරත් කීර්තිරත්න
ඒ.එස්.පී. ලියනගේ
සජිත් ප්‍රේමදාස
පී.ඩබ්ලිව්. එස්.කේ. බණ්ඩාරනායක
විජයදාස රාජපක්ෂ
කේ.කේ. පියදාස
සිරිතුංග ජයසූරිය
අජන්ත ද සොයිසා
ආනන්ද කුලරත්න
සරත් මනමේන්ද්‍ර
බත්තරමුල්ලේ සීලරතන හිමි
අක්මීමන දයාරතන හිමි
සිරිපාල අමරසිංහ
කේ.ආර්. ක්‍රිෂාන්
සරත් ෆොන්සේකා
අනුර කුමාර දිසානායක
පානි විජේසිරිවර්ධන
ඇන්ටනී වික්ටර් පෙරේරා
මුහම්මද් ඉල්යාස්
එම්.එම්. පේමසිරි
සිඩ්නි ජයරත්න
ටී.එම්. බණ්ඩාරනායක
ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
එම්. තිලකරාජා
ජේ.ඩී.කේ. වික්‍රමරත්න
රොෂාන් රණසිංහ
මහින්ද දේවගේ
අනෝජ් ද සිල්වා
පී. ආරියනේත්තිරන්
මොහොමඩ් ඉන්ෆාස්
දිලිත් ජයවීර
නුවන් බෝපගේ
නාමල් රාජපක්ෂ
අනුරුද්ධ පොල්ගම්පොල
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
ජනක රත්නායක
ලලිත් ද සිල්වා
ඕෂල හේරත්
ඒ අනුව , ඇප මුදල් තැම්පත් කළ , සරත් කුමාර ගුණරත්න නැමති අය පමණක් නාම යෝජනා භාර දී නොමැති අතර, භාරදුන් සියලු නාම යෝජනා ස්ථිර වී තිබෙනවා.
ඒ හේතුවෙන්, ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් මෙවර ඉදිරිපත් වීමත් විශේෂත්වයක්.