අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රදේශ කිහිපයක පැතිරයන ‘එම්පොක්ස්’ වසංගතය ලෝකයේ අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දී තිබෙනවා.
කොංගෝ හි එම රෝගය වැළඳී දී පුද්ගලයින් 450 ක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ආසාදිත වූ ගණන 14,000කට අධික බවයි සඳහන් වන්නේ.
මෙම වසංගතය ආරම්භක කාලයේදී හැඳින්වූයේ ‘මංකිපොක්ස්’ යනුවෙන් වුවද , මේ වන විට එය ‘එම්පොක්ස්’ යනුවෙන් හඳුන්වනු ඇති.
‘එම්පොක්ස්’ ආසාදනය වන්නේ ලිංගික සබඳතා සහ වෙනත් සමීප සබඳතා ඔස්සේ සහ ආසාදිතයෙක් සමග කතාකරන විට හෝ එවැනි පුද්ගලයෙක් ආසන්නයේ සිට හුස්ම ගන්නා විටදී බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.
එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම, සමෙහි තුවාල මතුවීම දැක්විය හැකි අතර, සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව ද සෞඛ්‍ය අංශ පේනවා දෙනවා.
Author: Lanka Hit News
Post Views: 16