හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව යි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ සංචාරක, ඉඩම් , ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ඔහු විශේෂ උපදේශකයෙකු ලෙස පත් කරන බවයි.
මේ අතර මෙම පත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මැතිවරණය කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මැතිවරණයක් පැවැත්වෙන අතරතුර රජයේ පත්වීම් කළ නොහැකි බැවින් මෙය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවට සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතීඥ රජිත ලක්මාල් චෝදනා කර සිටිනවා.
Author: Lanka Hit News
Post Views: 33