හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සිදුකරගෙන යාම තම වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ඊයේ (19) පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
“අපි අනෙක් දේශපාලන පක්ෂ වගේ මැතිවරණ කාලයේදී වාසි ලබාගන්න අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. අපිට පුළුවන් දේ පුළුවන් කියනවා. බැරි දේ අපි බැහැයි කියනවා.
පොලිස් සහ ඉඩම් බලතල දෙන්න බැහැ. නැත්නම් උතුරු නැගෙනහිර ඒකාබද්ද කරන්න බැහැ. මේ රට බෙදන්න බැහැ. ”
මාධ්‍යවේදියා – තාත්තා නවත්වපු තැනින් ඔබතුමා පටන් ගන්නවා කියලද කියන්නේ?
“පැහැදිලිවම. 2015 රට සංවර්ධනය කරලා නතර කරපු තැනින් ඉදිරියට අරන් යනවා.”
Author: Lanka Hit News
Post Views: 28