2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
එසේ ඉල්ලුම්කර ඇති ප්රමාණයෙන් 24,268ක් ප්රතික්ෂේප වී ඇති බවද සඳහන්.
එසේම, එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්රිකා අදාළ ආයතන වෙත යොමුකරන බව ද සඳහන් වනවා.
සැප්තැම්බර් මස මුල් සතියේ දින තුනක කාලයක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව ද කොමිෂන් සභාව සඳහන් කළා.
ඒ සැප්තැම්බර් මස 4, 5 සහ 6 වෙනිදා යන දිනයහිදී යි. එසේත් නොමැති වන අයට සැප්තැම්බර් 11 සහ 12 වෙනිදා ඒ සඳහා අවස්ථාව ලැබෙනු ඇති.
Author: Lanka Hit News
Post Views: 21