පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබෙනවා.
ඒ අනුව, ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල පසුගිය 16 වනදා ගෙවා අවසන් කර ඇති බවයි සඳහන්.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාග කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන අය රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 10ක මුදලක් ද වින්දිතයින්ට වන්දි ලෙස ගෙවිය යුතු බවට අධිකරණය නියම කළා.
අදාළ තීන්දුව ප්‍රකාරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 100ක වන්දි මුදල අවස්ථා 7කින් ගෙවා අවසන් කර ඇතැයි වාර්තා වනවා.
1 thought on “රුපියල් මිලියන 100 ක පාස්කු වන්දිය , ගෙවා අවසන් වූ මෛත්‍රීපාල..”
ඔහු මේ මුදල උපයා ගත්තේ කෙසේද යන්න විමසා බලන්නේ නැද්ද? එම මුදල වින්දිතයින් අතරේ බෙදෙන්නේ කවර පදනමකටද?