සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (21) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ්, පුරප්පාඩු වුණු මනූෂ නානායක්කාරගේ මන්ත්‍රීධුරය පුරවමින්.
මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 09 වනදා තීන්දු කරනු ලැබුවා. ඉන් අනතුරුව ඔවුන් කටයුතු කළ ධුරයන් පුරප්පාඩු වී තිබුණා.
කෙසේ වෙතත්, සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දී තිබුණා.
Author: Lanka Hit News
Post Views: 14