සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදී මිලියනයක් ග්‍රාහකයින් වෙත ලඟා වූ වේගවත්ම යූටියුබ් නාලිකාව ලෙස ලෝක වාර්තාවක් තබා තිබෙනවා.
UR.Cristiano නම් මෙම නාලිකව නිකුත් කර ගතවූ පළමු මිනිත්තු 90 ඇතුලත මෙම කඩයිම පසු කර ඇති අතර, මේවන විට එය ග්‍රාහකයින් මිලියන 10ද පසු කර අවසන්.
මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ වේගයෙන්ම මිලියනයේ කඩයිම පසුකළ යූටියුබ් නාලිකාව බවද සඳහන් වනවා.
මීට පෙර සුප්‍රසිද්ධ Sidemen නම් බ්‍රිතාන්‍ය යූටියුබ් සමූහයක අනුබද්ධ නාලිකාවක් වන ‘Sidemen Reacts’ මෙම වාර්තාව තබා තිබුණා.
Author: Lanka Hit News
Post Views: 12