පසුගිය මැයි මාසයේදී ඉරානයේ ජනපති ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව ඉරානයේ පුවත් ඒජන්සියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වය සහ මගීන්ගේ බර පාලනය කිරීමට හෙලිකොප්ටරයට ඇති නොහැකියාව අනතුරට හේතු වූ කරුණු දෙක බවයි එම ඒජන්සිය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, හෙලිකොප්ටරය අනතුරට පත්වන විට නිර්දේශිත ධාරිතාව ඉක්මවා මගීන් දෙදෙනෙකු රැගෙන යමින් සිට ඇති බවයි වාර්තා වල සඳහන්.
එසේම හෙලිකොප්ටරය, එහි ධාරිතාවට වඩා වැඩි පිරිසක් ප්‍රවාහනය කළ බවට කරන ප්‍රකාශය “මූලික වශයෙන් අසත්‍ය” බවයි එම මූලස්ථානය පවසන්නේ.
Author: Lanka Hit News
Post Views: 14