පාසල් සිසුන්ට කෘත්‍රීම බුද්ධිය ආශ්‍රීත අධ්‍යයන කටයුතුවල නියැලීමට අවස්ථාව සැලසීම සුදුසු බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ, අනාගත ගෝලීය ප්‍රවණතා සඳහා මුහුණ දිය හැකි පුරවැසියන් බිහිකිරීමත්, ආර්ථික සංවර්ධනයට ඵලදායි ලෙස ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමත් යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි යි.
ඒ අනුව, එහි ආරම්භක පියවරක් වශයෙන් තෝරා ගත් පාසල් 100ක, 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගේ සහභාගිත්වයෙන් ‘කෘතිම බුද්ධිය ආශ්‍රීත ශිෂ්‍ය සමාජ’ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇති.
එමෙන්ම එම ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල මත පදනම්ව ඉදිරි වර්ෂයන් තුළදී මෙම වැඩසටහන අනෙකුත් පාසල් සඳහා ව්‍යාප්ත කිරීමටත්, තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 14