සමානාත්මතාවය සඳහා ගෝලීය සංකේතයක් බවට පත් වූ ඔස්ට්‍රේලියානු ජෙන්ටූ පෙන්ගුයින් (gentoo penguin) විශේෂයක කොටසක් වූ ස්පෙන්, මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මිය යන විට පෙන්ගුයින් ට අවුරුදු 11 ක් වී තිබුණා.
පිරිමි පෙන්ගුයින් සත්ත්වයෙක් වන ස්පෙන්, වාසය කළ සිඩ්නි හි මින්මැදුරේ ප්‍රකාශකයින් සඳහන් කළේ, මෙම මරණය ස්වභාවික හේතූන් මත සිදුවූවක් වන බවයි.
ස්පෙන් 2018 වසරේ දී ගෝලීය කීර්තියට පත් වූයේ සෙසු පිරිමි ජෙන්ටූ පෙන්ගුයින් සත්ත්වයෙක් වන ‘මැජික්’ සමඟ පවත්වන ලද හාදකම මතයි.
ඒ අනුව, ඔවුන් දෙදෙනා අභිජනන කාලයට පෙර එකට ඇවිදිමින් සහ පිහිනමින් සිටිනු දැකීම ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්ව තිබුණා.
පසුව ඔවුන් දෙදෙනා කවුරුත් හඳුන්වනු ලැබුවේ “Sphengic” ලෙසයි.
Author: Lanka Hit News
Post Views: 31