මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ අන්ත පරාජයක් ලබන බව නුවරඑලිය දිස්ත්රික් පා.ම එස්.බි දිසානායක පවසනවා.
ඔහු ඒ බව කියා සිටියේ ඊයේ (22) ජනාධිපති අපෙක්ෂක රනිල් වික්රමසිංහගේ ජයග්රහණය වෙනුවෙන් මස්කෙළිය ආසනයේ ඒකාබද්ධ බල මණ්ඩල රැස්වීම, ගිනිගත්හේන සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්තාවේ දී.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බි දිසානායක සඳහන් කළේ, මෙවර ජනාධිපතිවරණයේ දී ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ පුර්ණ සහයෝගය ජනාධිපති අපෙක්ෂක රනිල් වික්රමසිංහට ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළ බවයි.
Author: Lanka Hit News
Post Views: 40