Global Platform For All Sri Lankans

ඔබගේත් මුදල් නිලධාරීන් කියනා මේ පිරිසට නොදෙන්න , මෙන්න විශේෂ දැනුම්දීම..

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් මුදල් එක් රැස් කරමින් සිටින බවට වාර්තා වී තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් අයවිය යුතු බදු සඳහා වූ මුදල් මෙලෙස පුද්ගල කණ්ඩායමක් විසින් එක් රැස් කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් දේශීය අදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හැර වෙනත් කිසිදු අවස්ථාවක මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් සිදු නොවන බවද එම නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

මේ හේතුවෙන් වංචනික පුද්ගලයන් වෙත මුදල් ලබා නොදන ලෙසත් හා ඔවුන් නීතියේ රැහැනට හසු කර දෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තවද දැනටමත් එවැනි වංචනිකයන්ට හසුවී ඇත්නම් අදාළ පොලිස් ස්ථාන වෙත පැමිණිලි කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

තද වැසි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත්..

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads