Global Platform For All Sri Lankans

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් දිවි රඟ මඩලට සමුදෙයි !

 

සම්මාන ලාභී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා ඊයේ (25) රාත්‍රී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 89 වියේ පසුවුණා.

රජයේ චිත්‍රපට දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු එහි සිටියදී නිෂ්පාදනය , අධ්‍යක්ෂණය කළ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටයට1962 චසරෙ ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රජතමයුර සම්මානය දිනා ගැනීමට සමත් වුණා.

හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමා ලෝලීන්ගේ නොමද ආකර්ෂණය දිනාගත් විජය කුමාරණතුංග සිංහල සිනමාවට හඳුන්වා දීමේ ගෞරවයද ඔහුට හිමි වනවා . එම චිත්‍රපටයෙන් වෘත්තාන්ත සිනමාකරණයට පිවිසි ඔහු ඉන් පසු පෙම්බර මධු , ඉන්දුට මල් මිටක් ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.

පෙම්බර මධු චිත්‍රපටය අවසාන දෙකක් සහිතව ඉදිරිපත් කිරීමෙන් නව අත්දැකීමක්ද සිනමාවට යොමු කළා.

කෙසේ වෙතත්, සුගතපාල සෙනරත්ගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

තද වැසි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත්..

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads