Global Platform For All Sri Lankans

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලීසියට බරපතළ චෝදනාවක්..

 

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා.

අදාළ නියෝග ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට භාජනය කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙනවා.

කෲර වධ හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර තිබුණා.

විනිසුරුවරයා කියා සිටියේ, පසුගිය කාලසීමාව තුළ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් වධ හිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා විවිධාකාර නියෝග, අවවාද, මාර්ගෝපදේශ අධිකරණය විසින් නිකුත් කර තිබූ බවයි.

එහෙත් ඒ පිළිබඳව ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලක් දක්වා නොමැති අතර කිසිදු වාර්තාවක් හෝ ඉදිරිපත් කර නොමැති බව විනිසුරු තුරෙයි රාජා පෙන්වා දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads