2024 පැරාලිම්පික් ක්රීඩා උළෙල අද (අගෝස්තු 28) ප්රංශයේ දී දර්ශනීය සමාරම්භක උත්සවයකින් ආරම්භ වීමට නියමිතයි.
අදින් ඇරඹෙන ක්රීඩා උළෙල සැප්තැම්බර් 8 දක්වා පුරා දින 11ක් පැවැත්වෙනු ඇති.
එය කණ්ඩායම් 189 ක ක්රීඩක ක්රීඩිකාවන් 4,400 කට සත්කාරකත්වය සපයන අතර ක්රීඩා ඉසව් 22කින් සැදුම්ලත් ය.
මෙවර තරගාවලිය සඳහා සහභාගී වන ක්රීඩක ක්රීඩිකාවන් අට දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම පසුගියදා (25) පැරීසිය බලා පිටත් වුණා. එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, සමිත දුලාන් (හෙල්ල – F44) හටයි.
කණ්ඩායමේ අනෙකුත් පිරිස වන්නේ නුවන් ඉන්දික (මීටර් 100 T44), පාලිත බණ්ඩාර (යගුලිය F42/63), අනිල් ජයලත් (100m T42/63), ප්රදීප් සෝමසිරි (1500m T46), සුරේෂ් ධර්මසේන (රෝද පුටු ටෙනිස්), නවීඩ් රහිම් (පිහිනුම් S9) සහ ජනනි ධනංජනා (දුර පැනීම T47) යන අයයි.
පැරිස් ඔලිම්පික් සේ ම 2024 පැරාලිම්පික් සමාරම්භය ද ක්රීඩාංගනයක සීමාවෙන් පිටත සිදුවනු ඇති.