සේවාවන් ලබාදීම සඳහා රාජ්‍ය ආයතන මගින් පවත්වාගෙන යන වෙබ් අඩවි පිළිබඳ ජනතාව තුළ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ.
ඇතැම් වෙබ් අඩවි නිසි පරිදි යාවත්කාලීන කර නොතිබීමෙන් රාජ්‍ය ආයතන මගින් සපයන සේවාවන් සහ එමගින් බෙදාහරිනු ලබන තොරතුරු ලබාගැනීමට නොහැකි වීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වන අවස්ථා ද පවතිනවා.
මෙවැනි පසුබිමක නිසි පරිදි දත්ත ආරක්ෂණ පද්ධතියක් පවත්වාගෙන නොයන වෙබි අඩවි කිහිපයක් පසුගිය කාලයේ සයිබර් ප්‍රහාරයන්ට ද ලක් වුණා.
රජයේ ගැසට් පත්‍ර මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය ලේඛන ලබාගත හැකි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ද පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා එලෙස සයිබර් ප්‍රහාරයකට ගොදුරු වූ අතර මේ දක්වා එය නිසි ක්‍රියාකාරීත්වයට පත් කර නැහැ.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ, දැනට පවතින වෙබ් අඩවිය ක්‍රියාකාරී මට්ටමට පත් කළ ද යලි සයිබර් ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් ඊට මුහුණ දීම සඳහා නව වෙබ් අඩවියක් සකස් කරන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.
No commnets