දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04 වැනිදා) දිනය වන විටදී ටින් අංක (බදු ගෙවන්නා හැඳින්වීමේ අංකය (TIN)) එක්කෝටි තුන්ලක්ෂයකට අධික සංඛ්‍යාවක් නිකුත් කර ඇත.
මේ අනුව,දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් බදු ලිපි ගොනු සංඛ්‍යාවද දස ලක්ෂ අනූහය දහස ඉක්මාවා ගොස් තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයයේ නිලධාරීන් විසින් ඊයේ (04 වැනිදා) දිනයේදී එක්කෝටි තුන්ලක්ෂ පනස් දහස් පන්සියවැනි (10,350,500) ටින් අංකය නිකුත් කිරීමට කටයුතු කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පසුගිය 02 වැනිදා සිට මෙ මස 08 වැනිදා දක්වා “බදු ශක්ති“නමින් බදු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊට සමගාමීව ටින් අංකද කඩිනමින් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. එමෙන්ම, දිවයින පුරා ජංගම බදු සේවා පැවැත්වීමද මෙම බදු සතිය තුළදී සිදු කෙරේ.
රටේ සිටින වයස අවුරුදු 18 ට වැඩි සියලු පුරවැසියන් ටින් අංකය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ අනුව ටින් අංක නිකුත් කිරීම වේගවත් කර ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ (2024) සිදු කරන ලද ජන සංගණනයට අනුව මෙරට අවුරුදු 19 ට වැඩි ජනගහනය එක්කෝටි හතලිස්හය ලක්ෂ පන්දහසකි (14,605,000).
අපනයන ප්‍රවර්ධනය කිරීමට අදාළ කර්මාන්තවල නිරත වන්නන් ළඟට ගොස් ටින් අංක නිකුත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන්නේය. ඒ අනුව,ගාල්ල,ඌරගස්මංහන්දිය ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන්ට ටින් අංක ඊයේ (04 වැනිදා) නිකුත් කෙරුණි. මෙම අවස්ථාවට ගාල්ල දේශීය ආදායම් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු නිලධාරීහූ සහභාගි වූහ.
No commnets