Breaking News

News

June 05, 2025 , Published 02:09 pm ,
0
0
68 views

ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා

  • newsLankahit news
  • 68 views
  • 0 comments


2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ලංකා ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ චෝදනාව යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබුවා. 
 
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව මහාධිකරණයක් හමුවේ පවරනු ලැබූ ප්‍රථම නඩුකරණය මෙය ලෙසයි සැලකෙන්නේ. 
 
මෙම නඩුකරණයේ අධිචෝදනා පත්‍රය රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදුගේ අත්සනින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා. 
 
2020 වසරේ නොවැම්බර් මස 21 සහ 22 අතර කාලය තුළදී මුරුසි දූපතේදී සහ හම්බන්තොට දී පැවති මෙම ක්‍රිකට් තරගාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස තෝරාගෙන සිටි තරිඳු රත්නායකට වෙනත් අයෙකු කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි ඒකකය වෙත දැනුම් දීම වැළැක්වීම සඳහා අදාළ ක්‍රීඩකයාව පෙළඹවීම හෝ උපදෙස් දීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.